ජිනීවා යෝජනාව සම්මතයි දැන් සියල්ල හරිද
Posted on 10.02.2015 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතීනගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊයේ පැවැති ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඒකමතිකව සම්මතවී තිබේ. මෙම නව යෝජනාව පිළියෙල කිරීමට ලංකාව හා එක්සත් ජනපදය ඇතුළු රටවල් 25ක් පමණ එක්ව සංශෝධන සහිතව ඉදිරිපත් කළ යෝජනාවක් බව වාර්තාවේ.
මේ අනුව ඉදිරියේදී බලලත් දේශීය ස්වාධීන කොමිසමක් පිහිටුවා එයට ජාත්‍යනන්තර නීති විශාරදයින්ගේ සහාය ලබා ගනිමින් කි‍්‍රයාත්මක කිරීමට සිදුවන තත්වයක් බව වාර්තාවේ. එම යෝජනාව සාකච්ඡාවට ගත් අවස්ථාවේදී ලංකාවේ නියෝජිත ලෙස කටයුතු කරන රවිනාථ ආරියසිංහ පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවැනි යාන්ත‍්‍රණ සදහා වන දැනුම හා අවබෝධය හා සහයෝගය ලබා ගනිමින් මෙම ස්වාධීන කොමිසම තම කටයුතු ඉදිරියට පවත්වන බවයි.
ඊට අමතරව ලංකාවේ ජීවත්වන සිංහල,දෙමළ, මුස්ලිම් යන ජනතාවන්ට සංහිදියාවෙන් ජීවත්වීමට අවශ්‍ය යුක්තිය හා සාධාරණත්වය ස්ථාපිත කිරීමට මෙම අවස්ථාව උපරිම ලෙස යොදා ගන්නා සහතික වන බවයි.
මීට පෙර රාජක්ෂ පාලනය කාලය තුල පැවති මානව හිමිකම් සැසිවාරයන්වලදී පැවැති ජාත්‍යන්තර පරීක්ෂණයක්ම පිහිටුවීමේ අවශ්‍යතාවය එක්සත් ජනපදය ඇතුළු බොහෝ බටහිර රටවල්වලින් අවධාරණය කර තිබුනි. නමුත් පසුගිය ජනාධිපතිවරණයෙන් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසුව පෙර තීබූ තත්වයට වඩා කැපී පෙනෙන වෙනස් මැදිහත්වීමක් කරා තම ස්ථාවරයන් වෙනත් ආකාරයකින් සපුරා ගැනීමට සමත්ව ඇති බව පෙනේ.
මන්ද මහින්ද රාජපක්ෂ විසින් දේශීය පරීක්ෂණයක් සිදු කරන බව පවසා එය ඉටුකිරීම ක‍්‍රමාණුකූලව පමා කිරීමේ තත්වය මෙය මෙතරම් බරපතලවීමට හේතුවිය. කෙසේ වෙතත් ජිනීවා මානව හිමිකම් යෝජනාවේ දක්වා ඇත්තේ වසර 2002 සිට මෙම පරීක්ෂණය සිදු කළ යුතුබවකි.
නමුත් මෙරට මානව හිමිකම් උල්ලංඝණය සිදුවීම 2002 වසරට සීමා කිරීම මෙරට සමස්ත පීඩිත ජනතාවගේ වසර ගණනාවක සිට කඩව ඇති මූලික අයිතිවාසිම් හා ජීවත්වීමේ අයිතිය පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිසි අවධාණය යොමු නොකළ බවක් දිස්වේ. මන්ද මෙරට අවස්ථා ගණනාවකදී සමූහ ලෙස මිනිසුන් ඝාතනය කළ අවසථාවන් ගණනාවක්ද ඊට අමතරව දශ දහස් ගණන් මරා දැමීම හා අතුරුදහන් වීම් වාර්තාවන රටක එම සිදුවීම් ලපිළිබදව ඉතා පැහැදිලි සාක්ෂි සහිතව තිබෙන තත්වයක් තිබියදීය.
මෙය මෙරට පීඩාවටපත් ජනතව හා ජාත්‍යන්තරව මතුව ඇති විරෝධය සමනය කිරීමේ එක් රැවටීමක් හා බැදුණු කි‍්‍රයාවලියකට සීමාවනු ඇත. එසේ වන්නේ මහින්ද රාජපක්ෂ ඉන්නා විට එක් තත්වයකුත් මහින්ද නැති විට වෙනස් තත්වයකුත් වන නිසාම නොවේ ඔවුන්ට අපවැනි රට තුල සිදුව ඇති බරපතල මානව හිමිකම් කඩවීම ඔවුන්ට අදාල නොමැති නිසාය.
පසුගිය වකවානුව තුල සිදුකර ඇති මානව හිමිකම් කඩවීමට හා අහිමි ජීවිතවලට හා අතුරුදහන් කිරීම්වලට පාලකයන් වෙනස් වනවිට ජාත්‍යන්තර මානව හිමිකම් සදහා වන ඉහළම සංවිධානයේ මතය පවා වෙනස වූවාට එහි වින්දිතයින්ට සිදුව ඇති හානියේ කිසිදු වෙනසක් නොවන නිසාය.
එබැවින් මෙම මැදිහත්වීම් ඉතා පටු සිමා මායිම්වලින් යුක්ත වනු ඇතැයි පැවසීමට අප මැලි නොවමු. මන්ද ඉන් පීඩාවට පත් වූවන්ට ඉටුවිය යුතු හා ඉටුවනු ඇති යුක්කිය අතර බරපතල වෙනසක් නිර්මාණය වන බවිනි.
Related News