தமிழ்
English
Contact
Tuesday 1st August 2017    
කොල්ල කෑවේ ඉගෙන ගන්න සල්ලි හොයන්නලු « Lanka Views | Views of the truth

කොල්ල කෑවේ ඉගෙන ගන්න සල්ලි හොයන්නලු




සැප්තැම්බර් 28වැනිදා පානදුරේ පුද්ගලික බැංකුවකින් ලක්ෂ 5 ක මුදලක් කොල්ලකෑ තරුණයා එසේ කලේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැතිවීම හේතුවෙන් බව පොලීසියට පවසා තිබේ.

සැකකාර තරුණයා කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, රුසියාවේ මොස්කව් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය හදාරා ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබේ.

ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණි බව අනාවරණ කර තිබෙන ඔහු මෙසේ කළේ වැඩිදුර අධ්‍යාපනයට මුදල් සෙවීමට බව පවසා තිබේ.

එදින පස්වරුවේ පානදුර ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත පැමිණි මෙම තරුණයා එහි මුදල් කවුන්ටරය වෙත ගොස් සේවයේ නිරතව සිටි නිලධාරිනියට ලක්ෂ 5 ක මුදලක් තමන්ට ලබානොදුනහොත් වෙඩි තබන බවට අනතුරු අඟවා තිබුනි.

එමෙන්ම, මුදල් ලබා ගැනීමට බවට හඟවා ඔහු ඇයට ලබාදුන් මුදල් ලදුපතේ ද වෙඩි තබන බව සටහන් කර තිබුණු අතර ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක මුදලක් අදාළ නිලධාරිනියගෙන් බලෙන් ලබාගත් සැකකරු බැංකුවෙන් පිටතට පැමිණ දිවගොස් ඇත.

එහිදී මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මොහු පිළිබඳව සැකසිතී ඔහු පසුපස ලූහුබැඳ ගොස් අත්අඩංගුවටගත්තේය. අධ්‍යාපනය පුද්ගලීකරණය වීම තුළ සිසුන්ට සිය අධ්‍යාපනය වෙනුවෙන් අපරාධකරුවන් වීමට සිදුව තිබීම අවධානයට ගතයුතු තත්වයක බව ජනරළ වාර්තා කරයි.

හර්ෂනී රාජකරුණා



Related News