බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ රාජකාරි අරඹයි

මේweb

තෙරේසා මේ සිය ප්‍රථම රාජකාරිය ලෙස තම විදෙස් කටයුතු ලේකම් ලෙස බොරිස් ජොන්සන් පත්කර ගත්තාය. බොරිස් ජොන්සන් යනු පසුගියදා පැවැති යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය වෙන් විය යුතුයැයි හඩ නැගූ ප්‍රබලයෙකු ලෙස සැලකේ.

සිය ප්‍රථම දිනය තුල කැබිනට් පත්කිරීම් පහක් සිදු කළ නව අගමැතිවරිය ඩේවිස් ඩවිස් බ්‍රික්ස්සිට් ලේකම් ලෙසත්, ලියම් ෆොක්ස් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර කටයුතු ප්‍රධානියා ලෙසද පත්කර ඇත. ඇම්බර් රූඩ් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත්කළාය. ඇම්බර් රූඩ් යනු පසුගියදා පැවැති   යුරෝපා සංගමයේ ජනමත විචාරණයේදී බිතාන්‍ය වෙන්විය යුතුයැයි අදහස් පල කළ බොරිස් ජොන්සන්ගේ අදහසවලට ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නියකි.

තොර්සා මේ එරට අගමැතිධුරයට පත් දෙවන කාන්තාව වන්නේය. මීට පෙර මාර්ග්‍රට් චැතර් බ්‍රිතනය අගමැතිධුරයට පත්වූවාය. ඇය එරට අගමැතිනිය ලෙස 1979 සිට වසර 11 ක් අගමැතිධුරය දැරීය. යකඩ ගැහැනිය යන අන්වර්ත නාමයද ඇයට පට බැදි තිබුනි.

ඉන් පසුව කාන්කාවක් එරට අගමැතිවරිය වශයෙන් පත්වන්නේ තෙරේසා මේය. මේවන විට බ්‍රිතාන්‍ය මුහුණපා ඇති අභියෝගයන්ට මුහුණදී තවත් යකඩ ගැහැනියක් ලෙස ඇය හැසිරෙනවාද නැද්ද යන්න ඇයගේ ඉදිරි ක්‍රියාමාර්ග අනුව දැක ගතහැකිවනු ඇත.