-
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ- (ෆේස්බුක් සටහනකි)
ජාතිවාදී හැඟීම් මතුකරන දේශපාලකයින් නැති තැන දකුණද උතුරද සහජීවනයෙන් බැඳෙනු ඇත.
පසුගිය සෙනසුරාදා චාවකච්චේරි සංගතානෙයි ප්‍රදේශයේදී සිදුවූ බස් වෑන් ගැටුමෙන් මිය ගිය සිංහලයින් වෙනුවෙන් හින්දු සාම්ප්‍රදායට අනුව විමුක්තිය ප්‍රාර්ථනය කිරීමේ සැමරුමක් එම අනතුර සිදුවූ ස්ථානයේදී සිදු කිරීමට ප්‍රදේශවාසී ද්‍රවිඩ ජනතාව ඊයේ (දෙසැ.19 ) සවස කටයුතු කර ඇත.
එසේම ප්‍රදේශයේ ධාවනය වන කුලී රථ වල සහ බස් රථ වල මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කිරීමේ පෝස්ටර් ද අලවා තිබෙන බව පැවසේ….
ජාතිය වෙනුවෙන් භූමිය වෙනුවෙන් එකිනෙකා මරාගන්නා ලද දෙපිරිසක් වෙසෙන රටක කිසිදු දේශපාලකයෙකුගේ මැදිහත් වීමක් නොපෙනෙන මේ ක්‍රියාව ඇසට කඳුළු උණන තරමේ සංවේදී හැගීමක් ඇති කරවන සිදුවීමකි.
සැබැවින්ම ජාතිවාදය වපුරන්නේ දෙපසේම ජඩ දේශපාලකයන් මිසෙක උතුරේ හෝ දකුණේ වෙසෙන සාමාන්‍ය ජනයා නොවන බව පසක් කර ගත යුතු සත්‍යයකි.
දකුණේ වෙසෙන අපි කයිට්ස් හි විද්‍යා වෙනුවෙන් පසු තැවුණු බව සැබෑ නමුදු මෙතරම් සංවේදී වූ වේ දැයි අපි අපෙන්ම ඇසිය යුතුව ඇත.
තොරතුරු සහ ඡායාරූප යාපනයේ මාධ්‍යවේදී Nirujan Selvanayagam සොයුරාගෙනි.



