පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ විනාශය පතන කුමන්ත්රණකරුවන් පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
ඊයේ රාත්‍රී ‘හිරු‘ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ ‘සලකුණ‘ දේශපාලන සංවාද වැඩසටහනේ මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජවිපෙ නායකයා එසේ ප්‍රකාශ කළේය.
වාමාංශික දේශපාලන පක්ෂයක් ලෙස යම් දිනක රටේ සමාජ දේශපාලන ගැටලු පරාජය කිරීමේ අරමුණින් ඒකරාශිවන වාමාංශික වේදිකාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග වැඩ කරන්නට සූදානම්දැයි නිවේදකයා ජ.වි.පෙ. නායකයාගෙන් විමසා සිටියේය. එයට පිළිතුරු දෙමින් ඔහු කීවේ කුමන්ත්රණකරුවන් සමග කිසිදු එක්වීමක් නැති බවයි. තවදුරටත් සිය අදහස අවධාරනය කරමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ “ඔවුන් අපේ විනාශය ප්‍රාර්ථනා කරන පිරිසක්, ඔවුන් සමග කිසිදු එකට ගමනක් නෑ“ යනුවෙනි.