තුර්කියේ රුසියානු තානාපති ඇන්ඩ්‍රි කරලොව් වෙඩි තබා ඝාතනය කරයි.

ඊයේ තුර්කි විදේශ තානාපති කාර්යාලයේ පැවැති රුසියානු චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් විවෘත කිරීමේ  කතාව කරමින් සිටි රුසියානු තානාපතිවරයා වූ ඇන්ඩ්‍රි කරලොව් වෙඩි තබා ඝාතනය කර ඇත.

තුර්කි පොලිස් නිළධාරියකුවන ඝාතකයා පවසා ඇත්තේ සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සිදුකරන ලද රුසියානු මැදිහත්වීමට එරෙහිව තමන් මෙම ඝාතනය සිදුකරන බවයි.

සිවිල් ඇඳුමින් සැරසී සිටි 22 හැවිරිදි පොලිස් නිලධාරියා මෙම වෙඩි තැබීම සිදු කරමින් “ඇලෙප්පෝ අමතක කරන්න එපා…..ඇලෙප්පෝ අමතක කරන්න එපා…..!” යනුවෙන් කෑගසමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. පසුව ඔහු ආරක්ෂකයන්ගේ වෙඩි පහරින් මරු මුවට පත්විය.

තුර්කියේ සිටි රුසියානු තානාපතිවරයාගේ විශේෂ මැදිහත්වීම රුසියානු හා තුර්කි තානාපති සම්බන්ධතා ශක්තිමත් කිරීමට මහත් පිටුලයක් ලබා දුන්කෙනෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් රුසියානු විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාව පවසා ඇත්තේ රුසියානු තානාපති සේවාවේ ඉතා කණගාටුදායක හා අවාසනාවන්ත දිනයක් ලෙස ඊයේ දිනය සනිටුහන් වනු ඇති බවයි.

Save

Save

Save

Leave a Reply