නීතිවිරෝධීව ගෙන්වූ ‘ඩුකාටි“ බයිසිකලයක් එළියට!

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ අපරාධ සැකකරුවන් පිළිබද පොලිසිය විසින් කළ වැටලීමකදී සගවා තිබුනු අධි බල මොටර් සයිකලයක් හමු වී තිබේ.

රුපියල් මිලියන 4ක්(ලක්ෂ 40)වටිනා මෙම ඉතාලියේ නිෂ්පාදිත ‘ඩුකාටි‘ මෝටර් සයිකලය තිබුනු ස්ථානයේදී අත්අඩංගුවට පත් පුද්ගලයකු පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ රේගුවේ පුද්ගලයකු විසින් එය තමන්ට තෑගි කළ බවයි. කෙසේ වුවද එසේ තෑගි දුන් නිලධාරියා පිළිබද විමසීමේදී ඔහු දැන් මියගොස් ඇති බව ඔහු පවසා ඇත.

මෙම මෝටර් සයිකලය මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර එවැන්නක් ආනයනය කළ බවට රේගු දෙපාර්තමේන්තුවේද කිසිදු ලෙස වාර්තා වී නැත. ලංකාවේ ධාවනයට තහනම් මෙවැනි මෝටර් සයිකලයක් ගෙන්වන්නට ඇතිතේ පසුගිය ආණ්ඩුවේ ඉහළම බලයක් සහිත ප්‍රභූවරයකු විසින් බවට සැක කෙරේ.

Leave a Reply