ලොවපුරා රුසියානු තානාපති කාර්යාලවල ආරක්ෂාව දැඩි කෙරේ.

ඊයේ තුර්කියේ රුසියානු තානාපතිවරයා ඝාතනය කිරීමෙන් පසුව ලොව පුරා ඇති රුසියානු තානාපති නාර්යාලවල ආරක්ෂාව දැඩි කිරීමට රුසියානු රජය පියවර ගෙන අති බව වාර්තාවේ.

රුසියානු තානාපති සේවයේ නියුතු තානාපාතිවරයෙක් මීට පෙර ඝාතනය කර තිබුනේ 1927 වසරේ පෝලන්තයේදීය. ඒ සෝවියට් දේශයේ තානාපතිවරයා ලෙස තටයුතු කළ පියෙට්රෝ ලැසරිව්ච් යොකොව් ඝාතනය කිරීමෙන් පසුවය.

වසර 89කට පසුව එරට විදෙස් සේවයේ නියුතු තානාපතිවරයකු ඝාතනය කළ පළමු අවස්ථාව වන්නේ ඊයේ තුර්කියේ තානාපති ලෙස කටයුතු කළ ඇන්ඩ්‍රි කරලොව්ගේ ඝාතනයයි.

Leave a Reply