විදේශ සේවයට යන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ විසින් අද (20) බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී විරෝධතා පෙත්සමකට අත්සන් කරන අවස්ථාවේ එයට එම කාර්යාංශයේ නිලධාරින් විසින් බාධා පමුණුවන ලදී.
ඔවුන් විසින් එම පෙත්සම අත්මසන් කරනු ලැබුවේ ප්‍රධාන සටන්පාඨ 3ක් මුල් කරගෙනය.
-
විදෙස්ගත ලාංකීය කාන්තාවන්ගේ වහල්භාවය අහෝසි කරනු!
-
ලාභ ශ්‍රමයට ස්ත්‍රිය විදේශයට විකිණීම නවතනු!
-
විදේශගත වහල් රැකියා වෙනුවට සුරක්ෂිත රැකියා තහවුරු කරනු!
විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත එන විදේශ ශ්‍රමික කාන්තාවන් හා විදේශගතවන්නට අපේක්ෂිත කාන්තාවන් හා වනත් සාමාන්‍ය ජනතාව දැනුවත් කරමින් උදෑසන 9.00 සිට මෙම අත්සන් කිරීමේ කටයුත්ත සිදු කෙරිණි. එම කාර්ය අවසන් කිරීමට සුලු මොහොතකට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක්, සිවිල් පොලිස් නිලධාරින් සමග පැමිණ වැඩසටහනට බාධාකිරීම් සිදුකළ බව වාර්තා වේ.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවන් පවසන අන්දමට ඔවුන් විසින් එවැනි අත්සන් එකතුකිරීමකට හෝ විරෝධතාවයකට අවසර ගතයුතු බවත් පොලිසියෙන් අවසරය ද ගතයුතු බවත් පවසා තිබේ.
විරෝධය පෑමක් සදහා පොලිසියෙන් හෝ අවසරයක් ගැනීම සදහා කිසිදු නීතිමය අවශ්‍යතාවක් නැති බවද අවශ්‍ය වන්නේ සාමාන්‍ය ජනතාවගේ කටයුතුවලට අවහිර නොවන ආකාරයෙන් විරෝධය පළ කිරීම බවද පවසමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවන් නිලධාරින් විසින් එම කාර්යය කඩාකප්පල් කිරීම වලක්වා තිබිණි. තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉදිරිපස පරිශ්‍රය තුළ පොදු භූමියේ එවැනි කටයුත්තකට එම ආයතනයෙන් අවසර ගන්නට අවශ්‍ය නොවන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සාමාජිකාවන් පෙන්වා දුන් විට පොලිසිය ගෙන්වා ඉවත් කිරීමට පෙර ඉවත්වන්නයයි ඔවුන් විසින් තර්ජනය කර තිබේ. එසේම එම බාධාකිරීමේ අවස්ථාව ඡායාරූපයට නැගීමට පවා බාධාකරමින් ඔවුන් විසින් තර්ජනාත්මක බලපෑම් සිදුකර ඇත.


