අපිට වෙන්නේ වහ බොන්න – ගොවියෝ  කියති 

veegovi news 2

වී මිල පහත වැටීම නිසා තමන් මහත් දුෂ්කරතාවකට පත්ව සිටින බව පවසන ගොවියෝ ඊයේ ආණ්ඩුව පොරොන්දු වූ ආකාරයට වී මිලදී ගැනීමක් සිදු නොකරන බව පවසමින් අනුරාධපුරයේදී උද්ඝෝෂණයක්ද කළහ.

එහිදී ඔවුන් කියා සිටියේ දැන් තමනට ඉතිරිව ඇත්තේ වස බීම පමණක් බවයි. රජය රුපියල් 45-50 අතර සහතික මිලක් ලබා දුන්නත් පෞද්ගලික වෙළෙඳුන් සහ වීමෝල් හිමියන් මේ දිනවල වී කිලෝවක්‌ මිලදී ගනු ලබන්නේ රුපියල් 24-25 ත් අතර මිලකට බව ද ගොවීහු පවසයි. රජය මගින් සහතික මිල යටතේ එක්‌ ගොවියකුගෙන් මිලදී ගනු ලබන වී ප්‍රමාණය කිලෝ 2000 කට සීමා කිරීම නිසා පවතින මිල යටතේ පෞද්ගලික වෙළෙඳුන්ට තම අතිරික්‌ත වී තොග අලෙවි කිරීමට සිදුව ඇතැයි ගොවි ජනතාව පෙන්වා දෙති.

උද්ඝෝෂණය කල ගොවීන් ඉල්ලා සිටියේ රජය එක්‌ ගොවියකුගෙන් මිලදී ගනු ලබන වී ප්‍රමාණය කිලෝ 5000 ක්‌ වත් දක්‌වා ඉහළ දමන ලෙසය.

මේ අතර යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය මගින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 102,797 ක් මිලදී ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මෙම වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 97,458 ක් නාඩු වී වන අතර, මෙට්‍රික් ටොන් 5069 ක් සම්බා වී බවත්, මෙට්‍රික් ටොන් 270 ක් කීරි සම්බා බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වී මිලදීගැනීමේ වැඩසටහන සඳහා රජය මෙවර රුපියල් 6000 ක් වෙන්කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 4652.56 ක මුදලක් මේ වනවිට වැයකර තිබේ.

මේ අතර වී අලෙවි මණ්ඩලය අතිරේක අස්වැන්න මෙට්‍රික් ටොන් 59,000 ක් මිලදීගැනීම සඳහා තවත් රුපියල් කෝටි 300 ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලා ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Leave a Reply