සෝභිත හිමි ආණ්ඩුව පතුරු අරියි 

maduluwawe-sobitha-himi

පරාජිතයන්ට ඇමති ධුර ලබා දීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාළුවාවේ සෝභිත හිමියෝ බලවත් අප්‍රසාදය පල කරයි.

අමාත්‍යාංශ බෙදාගැනීමට යාමේ දී  ශ්‍රීලනිප – එජාප ගැටුමක් ළඟදීම පැමිණෙන බව ද සෝභිත හිමි පවසා සිටියේ මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (07) පස්වරුවේ නාග විහාරයට ගොස් සිදුකළ සාකච්ඡාවකදීය.

ඇමති ධුර වැඩි කිරීම සහ ඇමතිකම් සඳහා පොර කෑම විවේචනය කල එම සාකච්ඡාවේදී සෝභිත හිමි වැඩිදුරටත් මෙසේ පැවසුහ.

“මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියලා මහජනතාව දැනගත යුතුයි. අපි තවම දන්නෑ මේ අය එකතු වුණේ මොකටද කියලා.

ලේකම්වරු දෙන්නා අත්සන් කළ ලියවිල්ලේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යොජනා ඇතුළත් කරලා නෑ. මේ දොගොල්ලො ඇමතිකම් ටික බෙදාගන්න එකතු වුණා වගෙයි පේන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමති ධුර ගන්න ආව පිරිසට අමතරව තව පිරිසක් විපක්ෂයේ ඉන්නවා. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ගැටුමක් දැන් නිර්මාණය වෙලා තියෙන්නේ.

විධායකය අයින් කරන්න කියලා අපි කෑ ගැහුවෙ ඒකට. දැන් විධායකය ශ්‍රී ලංකා, ව්‍යවස්ථාදායකය යූ.එන්.පී. මේ දොගොල්ලො කොහොමද ගැටුමක් නැතිව ඉදිරියට යන්නේ.

තනතුරුවලට දාගන්න දෙගොල්ලො පොරකද්දී ඉදිරි ගමනක් නෑ. දින සීයේ අවසන් කාලයේදීත් මේ ගැටුම ඇති වෙලා තිබුණා. ආපහු මූට්ටු වුණාට කොච්චර දුර යාවිද කියන ප්‍රශ්නය තියෙනවා.

19 සංශෝධනය කරනවා කියලා බොරුවක්නේ කළේ. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරන් වැඩ කරන්න ගන්නවා වගේ පේනවා. ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද?

රනිල් මහත්තයාට ලේසියෙන් අනිත් මන්ත්‍රී ධුර 06 ගන්න තිබුණා. ලේසියෙන් යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තියෙද්දි මෛත්‍රීපාල මහත්තයා තරහ කරගන්න බැරිකමට ඒ පැත්තට ඇමතිකම් දුන්නේ.

විධායකය එයට බලපෑම් කළා. ඇමතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරීමෙන් ඉන්නවා. සජිත්ගෙන් සමෘද්ධිය අයින් කළා කියලා එතුමා හිතේ අමාරුවෙන් ඉන්නේ.”

Leave a Reply