හොංකොං හි පැවැති අන්තර්ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ මීටර් 100 නිදහස් ආර ඉසව්ව ජයගත් ලාංකික පිහිනුම් ක්රීඩක මැතිව් අබේසිංහ ඔලිම්පික් මට්ටමේ සුදුසුකම් ලබා ඇත.
මැතිව්ස්ට මීටර් 100 නිදහස් ආර ඉසව්ව නිම කිරීම සඳහා තත්පර 50.53ක කාලයක් ගත කළත් ඔලිම්පික් පරිසාධන මට්ටම තත්පර 50.70කි. මේ නිසා ලංකාවේ පිහිනුම් ක්රීඩා ඉතිහාසයේ වයිල්ඩ් කාර්ඩ් පදනමින් තොරව ඔලිම්පික් පිහිනුම් තරගාවලියට එක්වෙන පළමු පිහිනුම් ක්රීඩකයා ලෙසත් මැතිව්ස් ඉතිහාසයට එක් වෙනවා.