පැල්මඩුල්ල ඇහැළගහවත්ත ගමට පාලමක් – පනස් වසරක වේදනාවක්!

temp bridge

පැල්මඩුල්ල, ඇහැළගහවත්ත සහ කාඹරන්කාපිටිය යා කර ඇහැළගහවත්ත ගමට යාමට පාලමක් ඉදිකර දෙන ලෙස එම ප‍්‍රදේශයේ ජනතාව රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

පැල්මඩුල්ල, දෙනවක/ උඩකඩ 168 ශ‍්‍රාම නිලධාරී කොට්ටාසයේ ඇහැළගහවත්ත ගම්මානයේ පවුල් 50ක පමණ ජනතාවක් ජීවත් වෙති. නමුත් එම ගමට ඇතුල්වීමට ඇත්තේ කුඹුරුවලට ජලය ලබා ගන්නා ස්වභාවික ඇළකින් යෙදූ අනාරක්ෂිත තාවකාලික පාලමකින් එතෙර වීමෙනි. අධික වැසි දවස්වල ජලය පිටාර ගලන විට එහි ජනතාවට යාමට ඒමට නොහැකිය. වසර පනහක පමණ සිට පවතින මේ ගැටලුව පිළිබඳව ප‍්‍රදේශයේ දේශපාලයන්ට කොතෙකුත් දැනුම් දුන්නත් ඔවුන්ගේ අවධානය යොමුවී නැත.

දැනට මේ ගමට ඇතුල්වීමට ඇත්තේ මීට අවුරුදු 50කට පමණ ඉහත තාවකාලිකව ඉදිකළ කුඩා සපත්තු පාලමකි. ජලය පිටාර ගලන වේලාවට හදිසියේ ලෙඩක් දුක වුහොත් ප‍්‍රතිකාර ගැනීමට සඳහා රෝහලකට යාමටවත් නොහැකිය. ගමේ දරුවන්ට පාසල් යාමට සහ එහි ජනතාවට රාජකාරි සඳහා පිටව යාමට නොහැකිය. පැල්මඩුල්ල වැනි ප‍්‍රදේශවලට නිරතුරුව වර්ෂාව ඇතිවන නිසා මෙම ගමට පාලමක් ඉදිකර දීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇත.

road to village