ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි හදිසි රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කරන අවස්ථාවේ අභාවයට පත් විය.
සරච්චන්ද්‍ර, දයානන්ද ගුනවර්ධන වැනි ප්‍රවීනයන් ඇසුරේ රංග ජිවියේ ප්‍රවීනත්වය ලැබූ ඔහු මනමේ කුමරුගේ චරිතයටද පණ පෙවීය. චිත්‍රපට හා ටෙලි නාට්‍යවල ප්‍රතිභාසම්පන්න දායකත්වයක් ලබාදුන් ඔහු අභාවයට පත්වනවිට 72 වැනි වියේ පසුවිය. 1966 වසරේදී වේදිකා නාට්‍ය රංග ශිල්පියකු ලස සිය කලාකටයුතු ආරම්භ කළ විජය නන්දසිරි සිනමාවේ හාස්‍ය රසය පිරි නිර්මානකරණයට යොමුවීමෙන් ලංකාවේ සිනමාවට නව අංග රැසක් හදුන්වා දුන්නේය. ප්‍රවීන රංගන ශිල්පිනී දේවිකා මිහිරානිගේ ආදරණීය සැමියා වූ විජය නන්දසිරි මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
ඔහුගේ අවසන් කටයුතු 12 වැනිදා සිදු කෙරෙන්නට නියමිතය