ප්‍රංශ න්‍යෂ්ඨික බලාගාර 19ක සේවකයන්ද එක් දින වැඩ වර්ජනයකට එක්වීමට යයි. මේ වන විට ප්‍රංශය පුරා දැවන්ත වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර එයට මූලික හේතුවන වන්නේ පසුගියදා හොලන්ඩේගේ ආණ්ඩුව විසින් එරට පාර්ලිමේන්තුව මගින් සම්මත කළ එල්කොම්රි පනතට එරෙහිවයි. එම පනත ක්‍රියාත්මක කිරීමෙන් එරට වැඩකරන ජනතාවට මෙතෙක් හිමිව තිබූ කම්කරු අයිතිවාසිකම් හා ඔවුන්ගේ සමාජ සුභසාධන ගණනාවක් කප්පාදු කිරීම මෙහි අරමුණයි. එරට ප්‍රධානතම වෘත්තීය සමිති කිහිපයක් වන සී.ජී.ටී. විසින් මෙම වැඩවර්ජනය කැදවා තිබේ.
ප්‍රංශ විදුලිබල සැපයුමෙන් 70%ක්ම සපයනු ලබන්නේ මෙම න්‍යෂ්ඨික බලාගාරවලිනි. මේ හේතුවෙන් එක්දින වර්ජනයෙන් එරට විදුලි සැපයුම ඇතුළු අනෙකුත් කටයුතු අඩපනවනු ඇත. බදාදා වන විට එරට ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන අටෙන් හයක්ම වැඩවර්ජනයට සම්බන්ධවී ඇති අතර ඒවා වටා එම මධ්‍යස්ථානවල සේවකයන් විසින් බාධක යොදා ඇතුලුවීමට නොහැකි තත්වයකට පත් කොට ඇතැයි වාර්තාවේ.
මේ වන විට එරට ප්‍රධානතම දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිතිය විසින්ද තම දායකත්වය වැඩවර්ජනයට ක්‍රමයෙන් දායක කරමින් තිබේ. මේවන විට අධිවේගී දුම්රිය ධාවනයෙන් එරට දුම්රිය රියදුරන් වැලකී ඇතැයි වාර්තාවේ. පසුගිය කාලය පුරා පැවැත්වෙන මෙම වැජවර්ජන රැල්ල මේවන විට සමස්ත ප්‍රංශය පුරාම ක්‍රියාත්මක තත්වයක් දක්වා පෙරට ගොස් ඇතැයි වාර්තාවේ. වෙන විට ප්‍රංශ බලධාරීන්ට එරට කම්කරුවන්ගේ ඉල්ලීම් ඉවත දමා යෑමට නොහැකි තත්වයක් දක්වා එරට වැඩකරන ජනතාවගේ හඩ ප්‍රබල ලෙස මතුව තිබේ.
කෙසේ වෙතත් මේ දිනවල ජපානයේ පැවැත්වෙන ජී 7 සමුළුව සදහා සහභාගීවි සිටින ප්‍රංශ ජනාධිපතිවරයා ලොව කාර්මික රටවල නායකයින් සමග ගෝලීය ප්‍රශ්න ගැන සාකච්ජා කිරීමට අමතරව තම රටේ උද්ගතව ඇති වත්මන් තත්වය ගැන කෙසේ හැසිරෙනු ඇත්දැයි ඉදිරියේදී මෙම වැඩවර්ජන සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගවලින් පැහැදිලිවනු ඇත.


