එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සිරියානු තුල ගුවනින් මානුෂීය ආධාර බෙදීමට අවසර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇත. මේ හේතුවෙන් හෙට (03) දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුව කැදවා තිබේ.
සිරියාවට එරෙහිව ප්රහාරයන් මෙයෙවන විවිධ කණ්ඩායම්වලට බටහිර රටවලින් විවිධ ආධාර හා මූල්‍යම සහයෝගය ලබාදෙන අතර පසුගිය වසරක පමණ කාලයක සිට රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියානු කැරලිකරැවන්ට බරපතල විනාශයක් අත්වූනි. මෙම ප්රහාරයන් පිළිබදව බටහිර රටවල් විසින් රුසියාවට සෘජුවම චොද්නා කළේය. සිරියාවේ අසාද් පාලනය පෙරළා දැමීමට බටහිර රටවල් නිර්මාණය කළ ප්‍රහාරක කණ්ඩායම් සදහා අවශ්‍ය ද්‍රව්‍යමය සහයෝගය ලබාදීමේදී මේ වන විට විවිධ බාධක පැවැතුනි.
පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් විශේෂයෙන්ම අයි.එස් කැරලිකරැවන්ට බරපතල හානියක් සිදුවූ අතර ඊට අමතරව බටහිර රටවල ආධාර හා අනුබලය ලබන නිදහස් සිරියානු හමුදාව හා තවත් කණ්ඩායම්වලට විනාශයන් අත්විය. වසර පහකට වැඩි කාලයක් තිස්සේ ඇදෙමින් තිබෙන සිරියානු සිවිල් යුද තත්වය මේ වන විට බටහිර රටවල් අපේකෂා කළාට වඩා අවාසි සහගත තත්වයක් නිර්මාණය කර ඇත.
අසාද් විරෝධී කණ්ඩායම්වලට මේ තත්වය හමුවේ බටහිර රටවල් මානුශීය ආධාර ලබාදීමේි මුවාවෙන් සිය අරමුණු ඉටු කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට යයි. හදිසි මානුෂීය ආධාර ලෙස ගුවනින් මෙහෙයුමක් සැලසුම් කර සිරියානු කැරලිකරැවන්ව ශක්තිමත් කිරීමේ යටි අරමුණෙන් විය හැක.
රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියානු විරෝධී කැරලිකරැවන්ගේ ග්‍රහණයේ පැවැති විශාල ප්‍රදේශයක් සිරියානු හමුදාව විසින් පසුගිය කාලය තුල නැවත අත්පත් කර ගැනීමත් කැරලිකරැවන් අතට පත්ව තිබූ බොහෝ නගර මේ වන විට සිරියානු හමුදාවන්ගේ වටලෑමට ලක්ව තිබීම හේතුවෙනි.
මේ වන විට සිරියානු සිවිල් යුද තත්වය බටහිර රටවල් අපේකෂා කළ තත්වය වඩා සිරියාවට වාසිවන තත්වයකට පත්වීම මෙම හදිසි ගුවන් මෙහෙයුම සැලසුම් කිරීමට එක්සත් ජනපදය ප්රමුඛ බටහිර බලවතුන් උත්සුකවී ඇති බව පෙනේ.