‘නිදහස් අධ්‍යාපනය’ ඉල්ලා චිලී සිසුන් සටනේ!

2016.05.30 chile-students

නිදහස් අධ්‍යාපනය උදෙසා සටන් වදින චිලීයේ සිසු අරගලය උත්සන්න වී සිසුන් හා චිලී පොලිසිය අතර වීදියේ ගැටුම් ආරම්භ වී තිබේ.

සතිය පුරාම පැවැති ගැටුම් නිසා චිලියේ අගනුවර වන සන්තියාගෝ නගරය පුරා යුද බිමක පෙනුමක් දැක ගත හැකි විය. මේ වන විට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් නිදහස් අධ්‍යාපන ඉල්ලීම් පෙරටුකරගෙන සටන් වදිමින් සිටී. මෙම විරෝධතා දියත්වන්නේ මිචෙල් බැෂලේගේ ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නිදහස් අධ්‍යාපන ප‍්‍රතිසංසරණ සිදු නොකර කර ඇරීමට එරෙහිවය. 2014 වසරේ බලයට පත්වූ මිචෙල්ගේ ආණ්ඩුව තවමත් පොරොන්දු ඉටු කර නොමැත. පොරොන්දු ඉටු කරනු වෙනුවට පසුගිය සතිය පුරා මතු වූ සාමකාමී විරෝධතාවන්ට පොලිසිය යොදවා ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

TELESUR පුවත් අඩවියට මෙකී සිසු අරගලය පිළිබඳ අදහස් දැක්වූ සන්තියාගෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු මාට් මැටමාල් සඳහන් කර සිටියේ ඔවුන් අරගලයේ ක‍්‍රියාමාර්ග උත්සන්න කරමින් අද සිට වීදිවල ලැගුම් ගන්නා බවයි. වැඩි දුරටත් ඔහු සඳහන් කරන්නේ මෙය සිය අරගලය උත්සන්න කිරීමේ එක් ක‍්‍රියාමාර්ගයක් පමණක් බවයි.

වසර 2010 දී පමණ සිට අධ්‍යාපන උදෙසා සිදු කරන මුදල් අයකිරීම් වලට විරුද්ධව මතු වූ මෙම අරගලය ලෝකයේ අධ්‍යාපන අයිතීන් උදෙසා කෙරෙන ප‍්‍රමුඛ අරගලයක් බවට පත්ව ඇත. අරගලය ආරම්භයේදී එරට ආණ්ඩුව විසින් ගෙන ආ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව හා අධ්‍යාපනය වෙනුවෙන් කරන අයකිරීම් අඩු කරනු ලෙස බල කරමින් වර්ධනය වූ අරගලය මේ වන විට පූර්ණ නිදහස් අධ්‍යාපනය ඉල්ලීම දක්වා වර්ධනය වී ඇත්තේ හුදු ශිෂ්‍ය අරගලයක් ලෙස නොව සමාජ අරගලයක් දක්වා පිමි පණිමිනි.

2016.05.30 chile-students1 2016.05.30 chile-students2 2016.05.30 chile-students3

Leave a Reply