අද උදෑසන එකට පමණ ආරම්භවී දහවල් දක්වා මෙම ගින්න පැතිර ගිය බව මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ පිහිටි විශාලතම පතොරොම් ගබඩාව ලෙස මෙම පතොරොම් ගබඩාව සැලකෙන අතර එය ආසියාවේ දෙවන විශාලතම පතොරොම් ගබඩාව ලෙසද සැලකෙන බව වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම ගින්න පිලිබදව තවම නිෂ්චිත අදහසක් එරට ආරක්ෂක අංශවලින් දක්වා නොමැත. ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ පුල්ගාන් නගරයේ මෙම ගබඩාව පිහිටා තිබුනි. මෙම ගිනිගැනීම හේතුවෙන් මේ වන විටයුද හමුදා නිලධාරීන් 16 දෙනෙකු මියගොස් ඇති බව එරට හමුදා මෙහෙයුම් ප‍්‍රධානියා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ .
මෙම පතොරොම් ගබඩාව බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ සිට පැවැති එකක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.