නාරම්මල මයුරපාද මාධ්‍ය විදියාලයේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයාට පිරිසක් විසින් පහර දීමට විරෝධය පල කරමින් අද දින(18) එම විද්‍යාලයේ ගුරුවරුන් විසින් නාරම්මල විද්‍යාලය අවහිර කරමින් විරෝධාතා ව්‍යාපාරයක නිරතවිය.
මෙම පහරදීමට අදාළ විදුහල්පතිනිය වගකිවයුතු බව විරෝධාතාකරුවන් ප්‍රකාශ කරයි.කෙසේ වෙතත් ඉකුත් 16වන දින එම විද්‍යාලයේ විදුහල්පතිනියගේ අත්තොනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ගුරුවරුන් වැඩ වර්ජනයකද නිරත විය.

