වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහි අධිචෝදනා විභාග කිරීම අගෝස්තු 2 වැනිදා.

ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් අධිකරණයට අපහාස කළ බවට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල එළඹෙන අගෝස්තු මස 2 වැනි දින විභාගයට ගැනීමට දින නියම වේ.

ජනවාරි 31 වන දින SAITM ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුව නීති විරෝධී තීන්දුවක් බව පවසමින් වගඋත්තරකරු අප්‍රේල් 07 වන දින පැවති මහජන රැස්වීමකදී පැවසීම මඟින් මහජනයා නොමඟ යවා ඇති බවට මහාචාර්ය සරත් විජේසූරිය සහ ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ යන අය විසින් ඉකුත් 5 වන දින මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

Leave a Reply