தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
මංගලට මුදල් ඇමතිකම- රවිට විදේශ ඇමතිකම « Lanka Views | Views of the truth

මංගලට මුදල් ඇමතිකම- රවිට විදේශ ඇමතිකම




බොහෝ වාර්තා පළ වූ ආකාරයට විදේශ ඇමතිව සිටි මංගල සමරවීරට මුදල් ඇමතිකම දී රවි කරුනානායකට හිමි වූ මුදල් ඇමතිකම වෙනුවට විදේශ ඇමතිකම ලබාදී තිබේ. අද (22) කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් සහ රාජ්‍ය ඇමැතිවරයකු ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.

අදට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි බව වාර්තා විය. ජනාධිපති ඉදිරියේ ඇමතිවරු ලෙස දිවුරුම් දුන් අය මෙසේය.

තිලක් මාරපන – ව්‍යාපෘති සංවර්ධන ඇමැතිවරයා ලෙස

ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න -.කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ලෙස

එස්.බී.දිසානායක -සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති ලෙස

චන්දිම වීරක්කොඩි – කුසලතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති ලෙස

අර්ජුන රණතුංග – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස

මහින්ද සමරසිංහ – වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ලෙස

ගයන්ත කරුණාතිලක – ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස

මංගල සමරවීර – මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස

රවී කරුණානායක – නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස

මහින්ද අමරවීර – ධීවර ඇමැති ලෙස සිය අමාත්‍ය ධූරයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙස

රවි කරුනානායක හා මංගල සමරවීර මාධ්‍ය වෙත මුහුණ නොදී පළා යාම විශේෂත්වයක් විය.



Related News