නවසීලන්තයට ප‍්‍රබල භූමිකම්පාවක්

ඊයේ රාතී‍්‍ර නවසීලන්තයේ වෙලිංටන් අගනුවර හා ඒ ආසන්න නගර කිහිපයකට ප‍්‍රබල භූඹිකම්පාවක් සිදුව ඇත.

එය රික්ටර් මාපකයේ 7.8ක් ප‍්‍රබලතාවයක් ලෙස සටහන්ව ඇත. මෙම භූමිකම්පාවෙන් නවසීලන්ත වැසියන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවේ.

ජීවිත හානි අවම වුවත් විශාල ලෙස දේපළහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ මධ්‍යම රාතී‍්‍රයේ හටගත් මෙම භූමිකම්පාවෙන් පසුව පසු කම්පන කිහිපයක්ද සිදුව ඇති බව වාර්තාවේ. වාර්තා වන අන්දමට එරට මහා පරිමාන යටිතල පහසුකම් ගණනාවකට දැඩි හානි සිදුව ඇත.