නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ ගණයේ සතුන් දඩයම් කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02දා) අත්අඩංගුවට ගැනීමෙන් පසුව වතු පාලකයකු බව කියන ප්‍රධාන සැකකරු නිතිඥයෙකු මාර්ගයෙන් පැමිණ පන්විල පොලීසියට බාර වී ඇත.
ඒ අනුව, ඒකදේශික සතුන් ඇතුළු දුර්ලභ සතුන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඡායාරුප ආධාරයෙන් මේ වනවිට සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතු පිස්තෝලයක් හා වායුපීඩන තුවක්කුවක්ද මේවනවිට පොලීසියට බාර දී ඇත. නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ ගණයේ සතුන් දඩයම් කළ පුද්ගලයන් ගැන විමර්ශනය සඳහා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයෙන් පත්කළ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළත් විශේෂ විමර්ශන කණ්ඩායම පොලීසිය සමග ඒකාබද්ධව සියලු විමර්ශන කටයුතු කරති. සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.
(මූලාශ්‍ර-අද පුවත්පත)



