‘මාගේ දේශය අවදි කරනු මැන‘ ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 2016 ඇරඹේ!

pera_student-art-fest

22 වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන “මාගේ දේශය අවදි කරනු මැන”  ශිෂ්‍ය සාහිත්‍ය උළෙල ඊයේ (07) පේරාදෙණිය විශ්වවිද්‍යලයීය පරිශ‍්‍රයේදී ආරම්භ විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම සාහිත්‍ය කලා උළෙල පිලිබද හදුන්වාදීමක් කරමින් එම ශිෂ්‍ය සභාවේ සාහිත්‍ය අනුකමිටුව  මෙසේ සටහන් කරයි.

“සමාජ යථාර්ථය වසන් කරමින් සැබෑ සමාජ විඥානය වළලා තිබෙන මොහොතක කලාකරුවන් කලාව වෙළඳ භාණ්ඩයක් කර ලාභ ලබන යුගයක සාධාරණ යුක්තිගරුක සමාජයක් උදෙසා කලාවේ කාර්යභාරය සිදු කිරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මගින් “මාගේ දේශය අවදි කරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙල – 2016 වර්ෂය සඳහාද 22 වන වරටත් සංවිධානය කිරීමට තීරණය කර ඇත.“

ශිෂ්‍ය සභා නිවේදනයට අනුව, මෙවර ශිෂ්‍ය සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 16 දක්වා පේරාදෙණි සරසවි බිමේදී පැවැත්වේ. මෙහිදී  නාට්‍ය දර්ශන පැවැත්වෙන ‘වළ සතිය‘ තුළ වේදිකා නාට්‍ය 06ක් වේදිකාගත වේ.

  • සැප්තැම්බර් 11 සෙකන්ඩ් හෑන්ඩ් ජීවිතේ

  • සැප්තැම්බර් 12 love and life

  • සැප්තැම්බර් 13 ගබ්සාව

  • සැප්තැම්බර් 14 කෙටි නාට්‍ය උළෙල

  • සැප්තැම්බර් 15 W

  • සැප්තැම්බර් 16 ගෝඨයිම්බර කෝලම

එසේම ‘වසන්තයේ අග‘ නමින්  ප‍්‍රවීන කලාකරුවන් සහභගී කරවා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යලය තුළ සිදු කරන නිර්මාණශීලී ප‍්‍රාසාංගික සංගීතමය වැඩසටහනක් සංවිධානය කෙරේ. ඊට අමතරව,  ‘විහඟසර‘ නමින් ගායන, වාදන, නර්ථන සහ නිවේදන යන අංශයන්ගේ ඒකල හා සමූහ වශයෙන් පවත්වන තරඟාවලියක් තුළ විශ්විවිද්‍යලයීය, අධ්‍යයන හා අනධ්‍යයන සහෝදර සහෝදරියන්ට සහභාගී වන්නට අවස්ථාව සලසනු ලබයි.

එසේම සිනමා දර්ශන සංවාද,  සහිත මෙම ෂිෂ්‍ය සාහිත්‍ය උළේලදෙ අවසන් දිනවල සාහිත්‍ය කඳවුර, වීදි නාට්‍ය, ප‍්‍රදර්ශන කුටි, පොත් ප‍්‍රදර්ශණය, ඡායාරූප ප‍්‍රදර්ශණය, චිත‍්‍ර ප‍්‍රදර්ශණය යන විශේෂාග ඉදිරිපත් කෙරේ.