රියෝ පැරා ඔලිම්පික් උළෙල ඇරඹේ.

%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9d-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-jpgweb

ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වෙන පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළල මෙවර බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර මරකානා ක‍්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.  පැරා ඔලිම්පික් උළෙළේ සමාරම්භය එරට ජනාධිපතිවරයා වන මිචෙල් ටෙමර්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.

ලොවපුරා විසිරී සිටින ආබාධිත ප්‍රජාවගේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන්නේ මෙම පැරා ඔලිම්පික් උළෙලයි. රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළල සඳහා රටවල් 161 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 4300 කට වැඩි පිරිසක් සහභාගිවේ.

කෙසේ වෙතත් මේවර පැරා ඔලිඹපික් උළෙලට රුසියානු කණ්ඩායමේ බහුතර ක්‍රීඩකයින්ට සහභාගීවීමට අවස්ථාව නොලැඹේ. ඒ ඔවුන්ට තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව එල්ලවීම හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පනවන ලද තහංවි නිසාය.

මෙම පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගීවීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9 දෙනෙකු බ්‍රසීලය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තාවේ. අදින් ආරම්භවන මෙම පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ ලබන 21 වෙනිදා දක්වා පැවැත්වේ.