දුම්වැටියෙන් වසරකට ලාංකිකයන් 20,000ක් මරණයට

දුම්වැටි භාවිතය අධෛර්යයට පත් කිරීම අවශ්‍යතාවක්ව පවතින බවත් දුම්වැටි භාවිතය හේතුවෙන් වැළදෙන ආබාධ නිසා වාර්ෂිකව ලංකාවේ 20000ක් මියයන බවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පවසයි.

ඊයේ (31) දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් එම සංගමය කළ කරුනු පැහැදිලි කිරීමකදී මෙම කරුනු දැක්වීම කර තිබිණී. මෙම විනාශකාරී තත්වය වැලැක්වීමට රටවල් 179ක් අත්සන් කල ප්‍රඥප්තියට මුලින්ම අත්සන් කළ ලංකාව ඉන් එහාට ප්‍රාෙයා්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත් අලූත්ගේ එම සංගමයේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය. වෛද්‍ය අලුත්ගේ වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවසීය.

“අප විසින් මේ ගැන අවධානය යොමුකර දස වැදෑරුම් ප‍්‍රතිපත්තියක් හැදුවා. එය රජයට භාරදී මාස 9කට ආසන්න කාලයක් ගතවෙලා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති අකාර්්‍යක්ෂමතාවයේ මිනුම් දඬු සැලකිල්ලට ගත් පසුවද අඩුම වශයෙන් අදට යෙදෙන ලෝක දුම්වැටි දිනයේ හෝ යම් ප‍්‍රගතියක් ලබා තිබෙනු ඇතැයි අප අපේක්ෂා කළත් එය  සිදුවී නැහැ‘‘