බ්‍රිතාන්‍යයේ ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්!
Posted on 07.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලාංකික විරෝධතාකරුවන්ගේ ලිපිය භාර නොගනී!
බොරු චෝදනා නගමින් ශිෂ්‍ය නායකයන් සිරකර තැබීමට එරෙහිවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහෝසි කිරීමට එරෙහිවත් ජුලි 7වැනි සිකුරාදා ලන්ඩන් නුවර ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කෙරිණි.
එරට වසන ලාංකිකයන් සමග එක්වූ වාමාංශික පක්ෂ හා සංවිධාන නියෝජිතයින් විශාල පිරිසකගේ සහාය ඇතිව අති සාර්ථක ලෙස පවත්වනු ලැබූ මෙම විරෝධතාවයේදී නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමට එරෙහිවත්, සයිටම් හොර උපාධි කඩය පවත්වාගෙන යාමට එරෙහිවත් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය වෙත එල්ලවී ඇති දැවැන්ත රාජ්‍ය මර්දනයට එරෙහිවත් හඩක් නැගිණි.
උද්ඝෝෂණයට සහාය ලබාදුන් ප්‍රගතිශීලි සංවිධාන අතර බ්‍රිතාන්‍ය සමාජවාදී පක්ෂය සහ ඊට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය, ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය(PDP) නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (NDP ) Grass Roots සංවිධානය ,ටැමිල්සොලිඩරිටි හෙවත් තමිල් සහයෝගිතා ව්‍යාපාරය ඉදිරියෙන්ම සිටියහ. පුරා පැය දෙකකට අධික කාලයක් උද්ඝෝෂකයෝ තමිල්, සිංහල, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සටන්පාඨ හඬගා කීහ. ඔවුන් විසින් රනිල් මෛත්‍රි හවුල් පාලනයට බලකර සිටියේ සිසු නායකයන් වහාම නිදහස් කළයුතු බවත් ජනතා හඬට කන්දී පොදු දේපළ විකිණීමත් විරෝධතා මර්දනයත් නවතා දමා සයිටම් හොර උපාධි කඩය වහා අහෝසි කළයුතු බවත්ය. මෙහිදී බ්‍රිතාන්‍යෙය් දේශපාලන පක්ෂ හා සංවිධාන නියෝජිතයෝ අදහස් දැක්වූ අතර නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය රැකගැනීම උදෙසා තම සංවිධාන ලේබර් පක්ෂයේ ජෙරමි කෝබින්ට සහාය දැක්වුවා සේම ඒ අරමුණ වෙනුවෙන් නොබියව සටන් වදින ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට සිය උපරිම සහාය ලබාදෙන බව වැඩිදුරටත් පැවසුහ.
මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානි කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ සහෝදරයා පවසා සිටියේ “මෙය සටනේ ආරම්භයක් පමණක් බවත් රනිල් මෛත්‍රි ධනපති හවුල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සටන් කරන බලවේග වලට අත තැබුවොත් එය ඔවුන්ගේ ගමනේ අවසානය වනු ඇති බවයි
උද්ඝෝෂණය අවසන් කරමින් ලන්ඩනයේ ලංකා මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීමට සංවිධායකයන් උත්සහා කළද එහි දොරගුළු ලා තිබිණි. එය කාර්යාලවල රාජකාරි කටයුතු කෙරෙන වෙලාවක් නිසා දොරගුළු ලැමට කිසිදු සාධාරණ හේතුවක් තිබුණේ නැත. උද්ඝෝෂණය සාමකාමී එකක් වූ අතර එහි වූ බහුතරය ලාංකිකයෝය. ඔවුන් හඬ නැගුවේ පිඩාවට පත් ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැනය. මහකොමසාරිස් කාර්යාලයේ මෙම පිළිවෙත නිසා උද්ඝෝෂකයන් තරමක් නොසන්සුන් වූ උත්සාහය අත්හැරියේ නැත. හඩ නගා කෙසේ හෝ දොරගුළු අරවා ගත්තද කාර්යාලේ සිට ඉදිරියට පැමිණි නියෝජිතයා බියවී සිටියේය. සන්දේශය භාරගැනීමද ඔහු ඡායාරුප ගැනීමද ප්‍රතික්ෂේප කෙළේය. මේ නිසා උද්ඝෝෂණය තව තවත් තිව්‍ර විය. ‘යහපාලනේ මේකද ?ප්‍රජාතන්ත්‍ර වාදය මේකද?‘ යනාදී වශයෙන් විරෝධතා සටන් පාඨ කියමින් ඔවුහු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපස විරෝධතා දක්වන්නට වූහ. විරෝධතා සංදේශය භාරගැනීම නියමිත ක්‍රියාපටිපාටිය නොවන නිසා ලිපිය භාරගත නොහැකි බවත් නියෝජිතයා යළි අවධාරණය කෙළේය. එසේ නම් නියමිත ක්‍රියා පටිපාටිය කුමක්ද යන්න පැහැදිළි කරන්නැයි උද්ඝෝෂකයෝ එකහඬින් කියා සිටියහ. එවිට ලන්ඩනයේ ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දොරටුව මහ හඩක් නංවමින් වැසුනේය! සංදේශය ප්‍රධාන දොරටුවේ තදින් අලවාදැමු උද්ඝෝෂකයෝ සටන්කාමී ජවයෙන් පිරි මනසින් යුතුව යළි හමුවීමේ අදිටනින් පස්වරු 4.00ට පමණ විසිර ගියහ.

Save
Related News