‘සත්හඬ‘ පුවත්පතේ සම කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ හදිසි හෘර්දයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබේ.
ජ්‍යේෂ්ඨ මාධ්‍යෙව්දියකු වන ප්‍රභාත් වීරරත්න යුක්තිය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස ක්ෂේත්‍රයට පැමිණ උපාලි පුවත්පත් ආයතනයෙන් ප්‍රකාශයට පත් කළ ‘වත්මන‘ සගරාවේ සංස්කාරක ලෙස කටයුතු කලේය. රන්දිව පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ, මවුබිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ, ලක්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ යන වගකීම් දැරූ ඔහු කථානායක කරු ජයසූරියගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කළ අයෙකි.
දෙදරු පියකු වන ඔහු ඊයේ පුවත්පත් කාර්යාලයේ වැඩ නිමකර නිවසට යන අතරතුරදී මෙම අවාසනාවන්ත මරණය සිදුවී ඇත. දේහය අංක 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ තැන්පත් කෙරෙන අතර අවමංගල්‍ය අවසන් කටයුතු
ජූලි 10 සඳුදා ප.ව. 4.00 ට , මුල්ලේරියාව, උඩුමුල්ල සුසානභූමියේ ආදාහනාගාරයේ දී. සිදුකිරීමට නියමිතය.