මැතිවරණ කොමිෂන් සභාවේ නිල පිළිගැනීම සමාජවාදී පක්ෂයට! – මහින්ද දේවගේ
Posted on 07.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සමාජවාදී පක්ෂය ලංකාවේ ක‍්‍රියාකාරී දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් පිළිගෙන තිබේ.
පැරණි වමේ ව්‍යාපාරයේ වැරදි දේශපාලන ගමන ප‍්‍රතික්ෂේප කරමින් පැමිණි ගමනක පියවරක් ලෙස තම පක්ෂයේ මූලික කලල අවස්ථාව 2007 වසරේ සලකුණු වන බව සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහින්ද දේවගේ පවසයි. මැකිවරණ කොමිසම විසින් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට ඉල්ලා සිටින වසර 10ක ක‍්‍රියාකාරිත්වය සලකමින් පසුගියදා ලියාපදිංචි කර ඇති පක්ෂ කිහිපය අතරට සමාජවාදී පක්ෂයද ඇතුළත්ය. සමාජවාදී පක්ෂයේ සභාපති ලෙස ඒ. ඒ. ටී. අල්විස් කටයුතු කරයි.
Related News