තෙල් නලය ආයෙත් පුපුරයි

2016.07.24 oil pipe

මීට සති දෙකකට පමණ ඉහතදී පිපිරුණු කොළඹ වරායේ බොරතෙල් ගොඩබාන නලය යළි පිපිරීමට ලක්ව තිබේ. ඉරානයේ සිට රැගෙන ආ බොරතෙල් මෙට්‍රික් ටොන් අනූ දහසක් ගොඩබෑමට ඊයේ(23) පස්වරුවේ සූදානම් වු අවස්ථාවේ අදාළ නලය පිපිරීම පිළිබඳ හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. බොරතෙල් ගොඩබෑම ප්‍රමාද වුවහොත් නැව් සඳහා දෛනිකව විශාල ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු වේ. දිගින් දිගටම තෙල් නල පිපිරීමට හේතුව බාල නල ගෙන්වීම බවට වෘත්තීය සමිති චෝදනා කරයි.