පසුගිය සඳුදා (17) ආරම්භවූ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයලලිතා ජයරාම්ගේ කේ.එම්.ඩී.කේ පක්ෂය ජයගෙන ඇතැයි ඉන්දීය මැතිවරණ කොමිසම වාර්තා කරයි.
හිටපු තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාමේගේ කේ.එම්.ඩී.කේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයෙන් සමස්ත ආසන 234කින් ආසන 132ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට මෙවරත් ඇය සමත්ව ඇත.
ආසන 234කින් යුත් තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 90ක් පමණ කරුණා නිධිගේ ඩී.එම්.කේ කොංග්‍රස් සන්ධානයට හිමිව ඇති බව එම වාර්තා පෙන්වා දෙති.
මෙවර මැතිවරණය ජය ගැනීමත් සමග ඇය සිව්වරක් තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස පත්වනු ඇති අතර ඉදිරි පස් වසර සදහා ඇයට බලය හිමිව තිබේ.
මෙවර මැතිවරණය සදහා තමිල්නාඩු ප්‍රාන්තයේ මිලියන 5.8ක ඡන්ද දායකයෝ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුනි.