ජී.එස්.පී.+ ගැනආණ්ඩුව බොරු කියයි – යුරෝපා සංගමයේ කොන්දේසි මෙන්න!

2016.05.15 gsp+

ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සදහා යුරෝපා වෙළදපොළ තුළින් හිමි වූ ජී.එස්.පී.+ සහන යළි හිමිකරගන්නට නම් වත්මන් රජය  ඉටු කළ යුතු කොන්දේසි රැසක්ම යුරෝපා සංගමය විසින් පනවා ඇත.

ධීවරයන්ට සිය නිෂ්පාදන ඉහළ මිලකට අලෙවි කරගන්නට ජී.එස්.පී.+ සහනය තමන් ලබා දුන් බව පසුගියදා රනිල් -මෛත්‍රී හවුල් ආණ්ඩුවේ නායකයන් පුරසාරම් කීවද එහිදී පනවා ඇති කොන්දේසි හෙළි කලේ නැත. නමුත් යුරෝපා සංගමය ප්‍රකාශ කළ පරිදි මෙම සහන ලබා ගන්නට නම් ලංකාවේ ආණ්ඩුව විසින් සැපිරිය යුතු කොන්දේසි 58කි. මෙම කොන්දේසි අතර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම, රැදවුම්කරැවන්ගේ නඩු ක්‍රියාවලිය ඉක්මන් කිරීම, ජනමාධ්‍ය මර්දන නීති නැවත ශක්තිමත්කිරීම නැවැත්වීම, මානව හිමිකම් පිළිබද නව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරිම, ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවේ ඇති තමිල් ඩයස්පෝරා සංවිධාන නාමාවලිය නැවත සලකා බැලීම, නව ව්‍යවස්ථාවක් තුළින් බලය බෙදාහැරීම,, උතුරේ ඉඩම් අහඅමිවූවන්ට සිය ඉඩම් ලබාදීම, සංහිදියාව වෙනුවෙන් මෙන්ම අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීම, බලහත්කාරයෙන් අතුරුදන් කළවුන් පිළිබද ප්‍රඥ්ප්තිය බලාත්මක කිරීමේ නීති සම්පාදනය හා අතුරුදන්වූවන් වෙනුවෙන් (මරණ)සහතික නිකුත් කිරීම යන කරුණු ඇතුළත්ය.

මෙම කොන්දේසි අතර ධීවර ප්‍රජාවටත් සමස්තයක් ලෙස ලාංකික ජනයාටත් හිතකර කොන්දේසි ඇති අතර ඇතැම් කොන්දේසි ලංකාවේ ධීවර කර්මාන්තයට අදාළ නැති ඒවාය.එහෙත් මේ කොන්දේසි අතර ලංකාවේ ජනතාව විසින් රාජපක්ස ආන්ඩුවේ මර්දනකාරිත්වය තුල පවා ඉල්ලා සිටි ඉල්ලීම් ඇත.එසේම ජිනීවා මානව හිමිකම් සමුලුවේ බලපෑමෙන් මිදිමට රාජපක්ෂ ආණ්ඩුව විසින් පත්කළ උගත් පාඩම් හා සංහිදියාව පිනිස කොමිෂන් සභාව විසින් නිර්දේශ කළ ක්‍රියාමාර්ගද මේ අතර ඇත.

ලංකා රජය ජී.එස්.පී.+ සහන  යලි අයදුම්කරන්නට සිතනවා නම් මෙම කොන්දේසි ඉටුකළ යුතු බව යුරෝපා සංගමය විදේශ අමාත්‍යංශය වෙත දන්වා ඇත. මේ අතර මෙම කොන්දේසි ඉටුකිරීමේ ක්‍රියාවලිය තමන් විසින් නිරීක්ෂනය කරන බව ද යුරෝපා සංගමයේ ලංකවේ නියෝජිත ඩේවිල් ඩාලි පවසා ඇත.