නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙසත්, ශාස්ත්‍රීය විෂයයන් කප්පාදු කිරීමේ අරමුණින් කරන භික්ෂු කප්පාදුවට එරෙහිවත් සරසවි බදවා ගැනීම ඉහල දමන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් අද දහවල් මහ වැසි මධ්‍යයේ විරෝධතා පාගමන කොටුව දුම්රියපල ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැමිණි අතර එහි සභාපතිවරයා සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බව එම භික්ෂූ සංගමය පවසයි.





