කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකෙරෙමින් පවතින වරාය නගරය විසින් ධීවර ජනයාට ඇති කරන බලපෑම පිලිබද ධීවර සංවිධාන එකමුතුව මගින් සංවිධානය කළ ජනතා දැනුවත් කිරීමක් මැයි 15 දින මීගමුවේදී පැවැත්විණි.
මහවැසි මැද මීගමුව නගරයේ සිට පෝරුතොට දක්වා මෙම දැනුවත්කිරීමේ ක්‍රියාමාර්ගය සිදු කෙරිණි. මෙම කාර්ය සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, රැකියා විරහිත උපාධිධාරී සංගමය සහ තවත් බහුජන සංවිධාන,දේශපාලන පක්ෂ සමාජිකයෝ රැසක්ද එකතු වූහ.
2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සැලසුම් කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා‘ වැඩපිලිවෙළට අයත් වූ ‘කොළඹ වරාය නගර ව්‍යාපෘතිය‘, 2005 බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණු අතර වත්මන් ආණ්ඩුවේ නායකයන් එය වහාම නතර කරන බවට මැතිවරණ පොරොන්දු ලබා දුන්හ. එහෙත් ආන්ඩුව පත්වී විශාල ප්‍රචාරයක් දී නතර තෙරුණද එම වයාපෘතිය චීන රජයේ බලපෑම මත නැවතත් ක්‍රියාත්මක කෙරිනි. මෙම දැවැන්ත වානිඩ ව්‍යාපෘතිය හේතුවෙන් ධීවර ප්‍රජාවට හා සාමාන්‍ය ජන ජිවිතයට බලපාන පාරිසරික හා සමාජ ව්‍යසන ගණනාවක් පිළිබද අනතුරු අගවා ඇත. රාජපක්ෂ පාලනය සමයේ මෙකී විනාශකාරී ප්‍රතිඵල පිලිබද නිසි ඇගයීමකින් තොරව අත්තනෝමතික ලෙස වරාය නගර ව්‍යාපෘතිය කරගෙන යාම සම්බන්ධව පරිසර සංවිධාන හා බහුජන සංවිධාන, ධීවර සංවිධාන සමග එක්ව ගෙන ගිය ව්‍යාපාරය රාජපක්ස ආණ්ඩුව පරාජය තිරීම පිනිස උපයෝගි කරගත්තද වත්මන් ආන්ඩුවද එය ක්‍රියාත්මක කිරීම පිලිබද ජනතා විරෝධය ඇවිලෙමින් තිබේ.


