මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් හතක් සහ සිසුවියන් හතරක් බන්ධනාගාරගත කර සිටී. මෙය මෑත කාලීනව නැවත වටයකින් ශිෂ්‍ය මර්දනය උග‍්‍ර කර ඇති බවට සාධකයක් බව සිසුහු කියති. මෙකී මර්දනයට අදාලව නියමු ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ බව ඔවුන්ගේ අදහසයි.
මීට අදාල සිදුවීම් දාමයේ ආසන්න සිදුවීම ලෙස වාර්තා වූයේ නවක සිසුවියක් ඉලක්කර කර සිදුවූ බවට කියවෙන නවකවද සිදුවීමකි. ඇය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පසුගිය මැයි 05 වෙනිදා සිසුවියන් හතරදෙනෙක් හා සිසුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මින් පසු වරෙන්තු පිට සිටි සිසුන් තිදෙනෙක්ද අත්අඩංගුව ගන්නා ලදී. මෙම සිසුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ (මැයි 12) දිනයේය.
මේ අතර පසුගියදා තවත් සිසුවෙක් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය මාසයේ කැළණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආපන ශාලව තුළ ජලය කපා හැරීමට පරිපාලන තීරණය කළ විට ඒ පිළිබඳ විමසීමට ගිය සිසුවෙක් අනධ්‍යන සේවකයෙක්ට පහරදුන්නා යැයි චෝදනා කරමිනි.
මෙසේ විවිධ චෝදනා ඉදිරිපත් කරමින් සිසු සිසුවියන් අත්අඩංගුවට ගත් අතර සිසුන් පසුපස රහස් පොලිසියෙන් ලූහු බැඳීම හා සිසුන්ගේ දුරකතන වලට සවන්දීම හා ඒ මගින් සිසුන්ට තර්ජනය කරමින් සිටි. එසේම මෙකී රහස් පොලිස් නිලධාරීන් විසින් සමහර සිසුන් භාවිතා කරන යතුරු පැදි වලට අලාභ හානි කිරීම් පවා සිදු කර ඇති බවට සිසුහු කියති. නමුත් මේ කිසිම දෙයක් පිළිබඳ අඩුම තරමින් පොලිසියට පැමිණිල්ලක් වත් ඉදිරිපත් කළ නොහැකි වී ඇත්තේ මේවා සිදු කරන්නන්ගේ අනන්‍යතාවක් සොයාගැනීමට නොහැකිවීමෙනි.
එසේම මෙකී මර්දනය ඉතා සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වන්නක් බවට පෙනී යන සිදුවීමක් ඊයේ 12 වෙනිදා වර්තා විය. පසුගිය වසරේ තිබූ භික්ෂු පාගමනකට අදාලව කටඋත්තර ලබාදීමට කැළණිය විශ්විද්‍යාලයේ සිසුවෙක්ට හා සිසුවියකට ඊයේ දිනයේ දෙමටගොඩ පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණි. එහිදී එහි ගිය එම සිසුවා හා සිසුවිය පිළිබඳ සියලූ තොරතුරු පොලිසියට ලබා දී තිබුණේ විශ්විද්‍යාල පරිපාලනය විසිනි. එම සිසුන්ගේ ශිෂ්‍ය අංකවල සිට සියලු තොරතුරු මෙසේ පොලිසියට ලබා දී තිබුණි.
මේ අතර මෙකී මර්දනය කෙතරම් උග‍්‍ර දැයි පවසතොත් සිසුන් පවසන්නේ විශ්විද්‍යාල පරිපාලනය හා සමහර ආචාර්යවරුන් එක්ව ක‍්‍රියාත්මක කරන මෙකී සැලසුම් සහගත මර්දනය නිසා මේ වන විට සමහර ආචාර්යවරුන් තමන්ගේ දුරකතන ඇමතුම් වලට පවා පිළිතුරු නොදෙන බවයි. ඊට හේතුව වන්නේ ඔවුන්ගේද දුරකතන වලට රහස් පොලිසිය කන් දෙනවා යැයි ඔවුන් බියවී ඇති නිසාය.
බොහෝ විට බැලූ බැල්මට මෙය නවක වදයට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග ලෙස පෙනෙන්නට තිබුණද මෙහි ඉන් එහා ගිය සිසුන්ට එරෙහි සැලසුම් සහගත මර්දනයක් ඇතැයි මේ අනුව පෙනේ. කැලණිය විශ්විද්‍යාලයට අදාලව සිසුන් පසුගිය කාලය පුරාම විවිධ අධ්‍යයන සුබසාධන ප‍්‍රශ්න වෙනුවෙන් විශ්වවිද්‍යාල පරිපාලනයෙන් විසඳුම් ඉල්ලා විරෝධතා පැවැත්වුවත් ඒවාට පරිපාලනය කිසිදු සාධනීය මැදිහත්වීමක් කර නැති බව සිසුහු කියති. පසුගියදා පරිපාලනය විසින් විශ්ව විද්‍යාල ය වසා දැමුයේ බැක්ටීරියාවක් නිසා නම් විශ්ව විද්‍යාලයට පොලිසිය කැඳවූයේ ඇයිද යන්නප්‍රශ්නයකි. මේ අනුව අලුත් වටයකින් සිසු මර්දනයක් වෙත පාලකයන් සැලසුම් ක‍්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිළිය.