2021 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වනු ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශකළේ පානදුරේ පැවැති විවෘතකිරීමේ උත්සවයකදීය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ‘කලින් අපි අපට ඕන වෙලාවට ආණ්ඩු මාරු කළ බවත් දැන් අපි සීලාචාර ලෙස එය කිරීම සඳහා අවස්ථාව සලසා දී‘ ඇති බවයි. අවුරුදු පහක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි ලෙස නීති සම්පාදනයෙන් ඒ අවස්ථාව ලැබී ඇති බව ඔහු පැවසීය. පැරණි නායකයන්ට ගරු කරන බවත් නව නායකයන් පත් කළ සෑම විමට තමන් නොහිතූ ලෙස පැරණි අයට වඩා අලූත් අය හොඳ වූ බවත් ඒ නිසා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරායාට වඩා හොඳ බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවද පසුගිය ජනාධිපතිවරණය ආරම්භයේදී පොදු අපේක්ෂකයෙක් පිළිබඳ සාකච්ඡාව ගෙනා අය කියා සිටියේ මේ සටන විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් බවයි. පසුව එය මහින්ද එළවීම බවට පත් වූ අතර ඊටත් පසු මේ වන විට මහින්ද එලවීමවත් කර ගත නොහැකි වී ඇත. ඒ නිසා මේ දින වල තම බල ක‍්‍රීඩාව වෙනුවෙන් නැවත අලූත් සටන්පාඨ සොයමින් සිටින බවට උදාහරණයක් ලෙස මෙකී ප‍්‍රකාශය දැකිය හැකිය. කෙසේවෙතත් රනිල්ගෙන් මහින්දට මහින්දගෙන් මෛත‍්‍රීට ඇවිත් දැන් නැවතත් පරණ බෙරයම ගසමින් සිටීන බව බව විචාරයකයන්ගේ අදහසයි.