ජාතික මට්ටමේ වෘත්තීය සමිති උපදේශක සභාවක්

national advice

ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයා ඇතුලු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ජාතික මට්ටමේ වෘත්තීය සමිති උපදේශක සභාවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වන වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සමග කරන ලද සාකච්ඡාවකදී මේ සදහා අනුමැතිය පළ කර ඇතැයි වාර්තා වේ.

රුපියල් දසදහසේ දීමනාව රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමල ජාතික කම්කරු උපදේශක සභාව තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම නියෝජනය තහවුරු කිරීම.

ටෙලිකොම් හා අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතනවල මෑන්පවර් සේවකයන් ස්ථීර කිරීමල පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා රුපියල් දෙදහස් පන්සියයක වැටුප් වැඩිවීම වෙනුවෙන් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම ඇතුළු පසුගිය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඇතුළු ඉල්ලීම් ගණනාවක් ගැන මෙහිදී සාකච්ඡුාවට ලක්ව ඇතැයි වාර්තාවේ.

19 වන ව්‍යයස්ථා සංශෝදනයට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව තව දුරටත් ස්වාධීන කොමිසමක් ලෙස ස්ථාපිත කිරීමල වැටුප් කොමිසම ප‍්‍රතිසංවිධානයල අග‍්‍රහාර රක්ෂණයේ අඩුපාඩු නිවැරදි කිරීමල වැටුප් වර්ධක අගය වැඩිකිරීමල ප‍්‍රවාහන ගැටලු විසදීම යනාදී ඉල්ලිම් සහ යෝජනා ඇතුළත් ලියවිල්ලක් මෙහිදී ජනාධිපතිතුමා වෙත බාරදී ඇතැයි වාර්තාවේ.

මෙම හමුවට සාධාරණ සමාජයක් සඳහා වන වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රියල ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාර්ලින්ල පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන අය ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වන වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව ඇත.

Leave a Reply