ජනමාධ්‍ය පිළිබද නියාමනය සදහා දැනට ක්‍රියාත්මක වන පුවත්පත් මණ්ඩලය සහ පුවත්පත් පැමිණිලි කොමිසම අහෝසි කර ප්‍රවෘත්ති නියාමනය සදහා බලධාරී ආයතනයක් පිහිටුවීමේ සූදානමක් පවතී.
1973 සමගි පෙරමුණු ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්දන උපකරණය ලෙස පිහිටුවන ලද ‘පුවත්පත් මණ්ඩලය‘ මෙන්ම පසුකාලීනව ජනමාධ්‍ය සංවිධාන විසින් ස්වයං නියාමන ක්‍රියාවලියක් ලෙස පිහිටුවන ලද ‘පුවත්පත් පැමිණිලි කොමිසම‘ යන ආයතන දෙකම අහෝසි කිරීමේ ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත. යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවා ඇති ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබද ලේකම් කාර්යාලය මගින් මෙම අරමුණ ඉදිරියට ගෙන යමින් ආණ්ඩුවේ දේශපාලන බල ව්‍යාපෘතියට ආධාර කළ ජනමාධ්‍ය සංවිධාන හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් සමග වැඩපිළිවෙළක් සකස් කර ඇත. මෙම අවශ්‍යතාව ඉටුකරගැනීම සදහා එම ලේකම් කාර්යාලය විසින් යොදාගෙන ඇත්තේ ප‍්‍රමිතියෙන් යුතු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සදහා ඇති අවශ්‍යතාවයයි.
මේ අතර එම අරමුණ සදහා බව පවසමින් මාධ්‍ය ක්ෂේත්‍රෙය් විද්වතකු වන විජයානන්ද ජයවීරගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පත්කර ඇත. එම කමිටුවේ සමාජිකයන් වශයෙන් නම්කර ඇත්තේ තෝරාගත් ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් පිරිසකි. ආණ්ඩුවේ දේශපාලන බල ව්‍යාපෘතියට ආධාර කළ ජනමාධ්‍ය සංවිධාන හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් මෙම ක්‍රියාදාමයට ආහිර්වාද කරන බවක් හෙළිදරව් වන්නේ ඔවුන් වරින්වර විවිධ ස්ථානවලදී ප්‍රවෘත්ති ප්‍රමිතිගත කිරීම හා ජනමාධ්‍ය විසින් සිදුකරන අගතීන් සම්බන්ධ විවේචනයන්ගේ අරමුනු පිළිබද විමසා බලන විටය.
(යෝජිත පනත් කෙටුම්පත සදහා පහත සබදතාවය ගන්න)
http://www.nsmrlk.org/pdf/draftbillofindependentcouncilfornewsmediastandards_singhala.pdf

