ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ මිල 85%කින් අඩු කිරීමට අදාල ගැසට් නිවේදනය අද (31) දින නිකුත් කිරීමට නියමිතව තිබුනද, එම ගැසට් නිවේදනය අද දිනි නිකුත් නොකරන බවත්, ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කිරීමට සූදානම් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සුළු පරිමාන ඖෂධ ආනයනයකරුවෙන් හා පැවැති රැස්වීමකදීය.
ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබුණ ද එම ගැසට් නිවේදනයේ තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන් අදාල තාක්ෂණික ගැටළු නිරාකරණය කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය විසින් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් පසු ගැසට් නිවේදනය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව අමාත්‍යවරයා පැවසීය.