ජනපති හැක් කළ සිසුවා පරිවාසයට – ගුරා බන්ධනාගාරයට

2016.05.13-student-arrested

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවේශ වී තොරතුරු වෙනස් කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවා ලබන 02දා දක්වා මකොල ළමා රැඳවුම් මධ්‍යස්ථානය භාරයේ තැබීමටත්, සිසුවාට සහය දැක්වු ගුරුවරයා රක්ෂීත බන්ධනාගාරගත කිරීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ නියෝග කළේය.

පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නව ප්‍රධානී විසින් දක්වා ඇත්තේ, පසුගිය 25 වැනිදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප්‍රෙව්ශ  වී එහි දත්ත ගබඩාවට දත්ත ඇතුළත් කර ඇති බවත්, අ.පො.ස. උසස් පෙළ විභාගය අප්‍රේල් මාසයේ නොපවත්වන ලෙසත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ජාලගත පරිගණක පහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන ලෙසත්, ඒවා ආරක්ෂා කිරීමට නොහැකි නම් ජනාධිපතිවරයාට ඉල්ලා අම්වන ලෙසත් කරන ලද තර්ජනාත්මක නිවේදනයක් ඊට ඇතුළත් කර ඇති බවයි.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා ප්‍රෙව්ශය එක් අවස්ථාවකදී ශ්‍රී ලංකාවෙන් සිදුවූ ඇති බවත්, හෙළි කර ගෙන ඇති අතර, ඒ අනුව දිගින් දිගටම පරීක්ෂණ පවත්වා “යකඩයා ෆෝරම්“ යනුවෙන් වෙබු අඩවියක් පවත්වාගෙන ගිය 17 හැවිරිදි පාසල් සිසුවා හා මොරටුවේ පදිංචි ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවිවල විවිධ අදහස් පළ වන අතර, මෙහිදී බහුතරයක් අදහස් දක්වා ඇත්තේ අදාල ප්‍රෙව්ශය නීතිමය වරදක් වුවද, මෙකී ප්‍රෙව්ශය සිදු වන තෙක් මේ සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික නිලධාරීන් කුමක් සිදුකලේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවයි.