ජනපති – ඒකාබද්ධ විපක්ෂ හමුවක්

maithripala-sirisena

හෙට(25) දිනයේ ජනාධිපති නිල නිවසේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මන්තී‍්‍රවරුන්ට ආරාධනා කර ඇතත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට හා ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරුන් රැසකට මෙතෙක් ආරාධනා ලැබී නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති කරගත් එකඟතාව අනුව පිහිටුවා ගැනුණු හවුල් ආණ්ඩුවේ කාලසීමාව තවත් වසර තුනකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සිදුකරන පා ගමන පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.