චීනයේ යැංෂී ගංගාවේ මගී නැවක් ගිලේ 450ක් මරුට

China-ship-capsize

දකුණු චීන ප‍්‍රදේශයේ යැංෂි ගංගාවේ මගී ප‍්‍රවාහන කටයුතුවල නියුතු චීන නැවක් හදිසි කුණාටුවකට හසුව ගිලී ගොස් ඇත.

China-ship-capsize-023එම නැවෙහි මගීන් 450කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තාවේ.

ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් සිදුකළ මෙහෙයුමකින් මගීන්  දියේ ගිලෙමිනි සිටි අට දෙනෙකු මේ වන විට මුදවාගෙන ඇත.

China-ship-capsize-03 China-ship-capsize-04මුදවාගත් අය අතර එම නැවේ කපිතාන් වරයා හා ප‍්‍රධාන ඉංජිනේරුවාද සිටින බව වාර්තාවේ.

ඔවුන් පවාසා ඇත්තේ එක විට හැමූ සුළි කුණාටුවකට  නැව හසුව එය මොහොතකින් ගිලෙන්නට පටන්ගත් බවයි.

අපදාවට ලක්ව ඇති අය බේරාගැනීමට තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක බව චීන මාධ්‍ය වාර්තා කරයි.

මෙම නැව නැගෙනහිර තරුව ලෙස නම් කර ඇත. අණතුර වන විට එය චීනයේ නැගෙනහිර නැංජින් ප‍්‍රදේශයේ සිට චොන්කුවින් ප්‍රදේශය දක්වා මගී ප‍්‍රවන සේවයේ යෙදී තිබුනි.

චීන ජාතිකයන් 405 දෙනෙකුද සංචාරක සමාගම් පහක සේවකයන්ද ඊට අමතරව එම නැවේ කාර්ය මණ්ඩලයේ සේවකයන් 47 දෙනෙකු මෙම අනතුර සිදුවන විට නවේ ගමන් කර ඇත.

මෙම ඛේදවාචකය සිදුවීමත් සමග එම අනතුර සිදුවූ ස්ථානය වෙත චීන අගමැති ලී ක්‍යූයෑන් ගොස් තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

 2015 ජනවාරි මාසයේ ද මගී නැවක් ගිලී චීන ජාතිකයන් විසි දෙදෙනෙකු මියගොස් තිබුනි.