චිලියේ හිටපු ආඥාදායක ජෙනරාල් පිනොචේගේ බුද්ධි අංශවල කටයුතු කළ බුද්ධි නිලධාරීන් 106 දෙනෙකු වසර 20 ක් දක්වා සිර දඩුවම් නියම කර ඇත.
සිරගත කරන ලෙස නියම කරන ලද බුද්ධි නිලධාරීන් වෙනත් අපරධ ගණනාවකටද සමබන්ධ බවද අධිකරණයේදී හෙළිව ඇත. චිලි අධිකරණය විසින් මෙම සිරදුඩුවම් ලබාදීමට ලක්වූ සියලු දෙනාම වසර ගණනාවක් එරට බුද්ධි අංශයේ ඉහළ නිලතල උසුලනු ලැබූ අයවෙති.
1973-1975 වසර කිහිපය තුල එරට ක්‍රියානාරී වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන්ව මරා දැමීමට හෝ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම්වලට සෘජුවම සම්බන්ධ වූවන් බවට නඩු විභාගයේදී හෙළිව තිබේ.
විනිසුරු හර්මන් ක්‍රිස්ටෝසෝ විසින් මෙම තීන්දුව දී ඇති අතර මොවුන් අතරින් කිහිපදෙනෙකුට දින 541ක් දක්වා සිර දඩුවම්ද අනෙක් අයට වසර 20 දක්වා වූ සිර දඩුවම් නියම කිරීමට චිලි අධිකරණ තීන්දු කර ඇත.
පිනෝචේගේ කාලය තුල1973-1990 දක්වා කිලය තුල චිලි ජාතිකයින් 3000කටඅධික පිරිසක් ඝාතනය කර ඇති අතර එම ඝාතනවලට වගකිව යුතු පුද්ගලයන්ට නීති මගින් කටයුතු කිරීමට විවිධ බාධා ඇති කරන ලදී.
කෙසේ වෙතත් මෙම අධිකරණ තීරණය මගින් යම් පමණකට හෝ අදාල අපරධ සිදුකළවුන්ට දඩුවම් ලබා දෙන්නට හැකිවීම එම සිදුවීම්වලින් පීඩාවට පත් වූවන්ගේ පවුල්වලට යම් සහනයක් වනු ඇත. මෙම සිර දඩුවම් ලබාදීමට අමතරව අදාල වින්දිතයින්ගේ පවුල් වලට වන්දි වශයෙන් මුදල් ගෙවීමක්ද කරන ලෙස වැදිකරැවන්ට අධිකරණය නියම කර ඇත.