හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නිල නිවස පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ජනාධිපති වියදම් ඒකකය යටතේ රුපියල් ලක්ෂ 170 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඊයේ මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන ලද්දේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනි.