කෝටිපතියන් තිදෙනෙකුට නඩු

csn

ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනෙකුට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට මුල්‍ය අපරාධ කොට්ඨාශය ක්‍රියාකරමින් සිටින බව වාර්තා වේ.

විශ්වාසදායක ආරංචිමාර්ග අනාවරණය කරන්නේ එම ව්‍යාපාරිකයන් තිදෙනා හේලීස් සමාගම් සමූහයේ සභාපති ධම්මික පෙරේරා, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා සහ ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර යන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් බවයි.

මොවුන් තිදෙනාට අමතරව තවත් කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට එරෙහිව මෙසේ නඩු පැවරීමේ සූදානමක් පවතින අතර ඔවුන්ට ඇපපිට රිමාන්ඩ් භාරයෙන් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනද අයත් බව තවදුරටත් වාර්තා වේ. ඔවුන්ට නඩු පවරන්නේ රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) නාලිකාවේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙනි.

ඔවුන් එම සමාගමේ විශාල මුදලක් ආයෝජනය කොට ඇතත් එම මුදල් පිලිබඳ තොරතුරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හෙළිකොට නොමැත. සිය වත්කම් වලින් රුපියල් බිලියන ගණනක් ප්‍රකාශයට පත් නොකිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.

මෙම නාලිකාව විකිණීම, පැවරීම හෝ බදුදීම හරහා අන්සතු කිරීම තහනම් කරමින් වාරණ නියෝගයක් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉල්ලීම පිට නිකුත් කළ අතර එහි ආයෝජකයන්ගෙන් ප්‍රශ්නකිරීමට අවසරයද මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදී ඇතැයි ජනරළ වාර්තා කරයි.

හර්ෂනී රාජකරුණා

Leave a Reply