කාම්බෝජයේ මිනිස් සංහාරය පිළිබද ලියමින් ‘කිලින්ග් ෆීල්ඩ්ස්‘ චිත්‍රපටයේ කතාවට දායක වූ ඇමෙරිකාවේ මාධ්‍යවේදියෙකු වූ සිඩ්නි ෂෝන්බර්ග් අවසන් ගමන් ගියේය.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සේවය කළ ඔහු, කෙමර් රූජ් පාලනය යටතේ කාම්බෝජයේ වැටීම පිළිබද පළ කළ ලිපි සදහා පුලිට්සර් ත්‍යාගය දිනාගෙන තිබේ. 1975 සිට 1979 කාලයේ කාම්බෝජයේ ‘පොල්පොට්‘ නායකත්වය දැරූ කාලයේදී විසි වැනි සියවසෙහි දරුණුම මිනිස් සංහාරයක් ලෙස සැලකේ. මරා දැමුනු ගණන මිලියනය ඉක්මවූ බව වාර්තා වෙයි. කෙමර් රූජ් පාලනය විසින් ගෙන ගිය දරුනු ක්‍රියාමාර්ග හේතුවෙන් කාම්බෝජය ජනයා කුසගින්නෙන්, රෝග වැළදීමෙන් සහ අධික ලෙස වැඩ කිරීම නිසා තෙහෙට්ටුවෙන් මිය ගියහ. මෙම තත්වය බාහිර ලෝකයට වාර්තා කිරීම් හේතුවෙන් සිඩ්නිට සහ ඔහුගේ මිතුරාට මරණ තර්ජන එල්ල විය. කෙමර් රූජ් පාලනයෙන් මාධ්‍යවේදීන්ට එල්ල කරනු ලැබූ වධහිංසා සහ තර්ජන පිළිබදව ද ඔහු වාර්තා කළේය.
සිඩ්නි සහ ඔහුගේ සගයා කම්බෝජයේදී කෙමර් රූජ් ආරක්ෂකයන්ට හසුවුවද අතර මිතුරාගේ ආයාචනා හේතු කොටගෙන ඔවුන් දෙදෙනාට නිදහස ලැබුණු හැටි සහ ඔවුන් තායිලන්තය වෙත පලා ආ හැටි අලලා සැකසුණු කිලින්ග් ෆීල්ඩ්ස් චිත්‍රපටයට සම්මාන රැසක් හිමි විය. අසු දෙවැනි වියේ පසු වූ සිඩ්නි ෂෝන්බර්ග් මිය ගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙනි.

‘කිලිං ෆීල්ඩ්ස්‘ චිත්‍රපටයේ දර්ශනයක්

