කුමන්ත්‍රණෙයන් පසු තුර්කිය ශක්තිමත් – තුර්කි ජනාධිපති

2016.07.16 turkey erdogen

ඉරිදා ඉස්තාන්බූල්හි පැවැති විශාල ජනරැලියට එරට ජනාධිපති, අගමැති හා විරුද්ධ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

අසාර්ථක කුමන්ත‍්‍රණකරැවන් විසින් සිදු කළ ක්‍රියාවෙන් පසු තුර්කිය තවත් ශක්ඛිමත්වූ බව එහිදී ජනාධිපති ටයිෆ් එඩර්ගන්  එහිදී පවසා තිබේ. දශලක්ෂයකට වැඩි පිරිසක් මෙම ජනරැලියට සහභාගීවී ඇත.

එසේ වුවත් කුමන්ත්‍රණයෙන් පසුව සිදු කරන ලද යම් යම් කි‍්‍රයා මාර්ග දැඩි ලෙස විවේචනයට ලක්ව තිබෙන තත්වයත් මේවන  විට තුර්කිය තුල මතුවෙමින් අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාවන අන්දමට තුර්කිය තුල මාධ්‍ය නිදහස සීමා කරමින් තිබෙන අතර විරුද්ධ මත පළකරන ලද මාධ්‍ය අායතන හා රූපවාහිනී හා ගුවන් විදුලි සේවා හා සමාජජාල විශාල ගණනාවකගේ කි‍්‍රයාකාරීත්වය තහනම් කර අැත.මෙය එරට ජනමාධ්‍යට එල්ල කළ මර්දනීය පියවරක් ලෙස ජාත්‍යන්තර ජනමාධ්‍යවල අදහස වේ.

අනෙක් කරුණ වන්නේ කුමන්ත්‍රණ‍ෙයන් පසුව එරට සිදුව අැතැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබද ඇති  බරපතල තත්වයක් තුර්කිය තුල සිදුෙවමින් තිබෙන බවකුයි මානව හිමිකම් පිළිබද කටයුතු කරන ජාත්‍යන්තර අායතන ගණනාවක් පෙන්වා දෙන්නේ.

මේ අතර වොෂිංටන් පිහිටි වයිට් හවුස් ඉදිරිපිටා රැස්වූ එක්සත් ජනපදයේ වෙසෙන තුර්කි ජනතාව විශාල පිරිසක් විරෝතා රැලියක් පවත්වමින් පවසා සිටියේ ජනාධිපකි බැරක් ඔබාමා වහාම ගුලාන්ව තුර්කිය වෙත පිටුවහල් කරන ලෙස බල කැමින් උද්ඝෝෂණයක නිරතවීමයි.