වැලිකඩ බන්ධනාගාරය තුලදී මරා දමන ලද දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනාගේ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට නම ජාත්‍යන්තර පරීක්ෂණයක් පඅවඅත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පවසයි.
ඔහු අද (25) දින එසේ කීවේ 1983 කලු ජූලියට තිස් තුන් වසරක් පිරීම වෙනුවෙන් යාපනය, නල්ලුර් කෝවිලේ පැවැති අනුස්මස්රණ උත්සවයකින් පසු ජනමාධ්‍යවේදීන් අමතමිනි. 1983 කලු ජූලිය සම්බන්ධ සිදුවීම් සහ විශේෂයෙන් අධි ආරක්ෂාවක් සහිත වැලිකඩ බන්ධනාගාරයේදී දෙමළ ජාතික සිරකරුවන් 53 දෙනකු මරාදැමීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීමට තවමත් කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් සමත්ව නැති බව ඔහු එහිදී පෙන්වා දුන්නා. එපමණක් නොව පසුගිය කාලය පුරා සිදුවූ සියලු දෙමළ වැසියන්ගේ ඝාතන සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කළ යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ප්‍රකාශ කළා.