තේ මණ්ඩලයෙ සල්ලි දෙන්න බෑ – නවීන් රවිට කියයි

naveen dissanayaka

ලංකා තේ මණ්ඩලයට අයත් අමෙරිකන් ඩොලර් මිලියන 60ක් මුදල් අමාත්‍යංශය විසින් ඉවත් කරන්නේ නම් තමන් ඉල්ලා අස්වන බව වතු කර්මාන්ත ඇමැති නවීන් දිසානායක අනතුරු අගවයි.

තේ මණ්ඩලයෙ අරමුදල් වෙනත් කාර්යයන්ට ලබාදිය නොහැකි බවත් එවැනි පියවරක් ගන්නේ නම් ඇමැතිධුරයෙන් ඉවත්වන බවද ඔහු ඇල්පිටියේ පැවැති උත්සවයකදී ප්‍රසිද්ධියේ පැවසීය. තවද පක්ෂ සංවිධායකවරු ඉවත්කිරීමේ තීරණය පිළිබදවද වතු කර්මාන්ත ඇමැතිවරයා විරෝධය පළ කළේය. මෙසේ ආසන සංවිධායකවරු ඉවත් කර පක්ෂය දුබල කිරීම ගැන මහින්ද රාජපක්ෂ පමණක් නොව චන්ද්‍රිකා බන්ඩාරනායක පවා අවධානයෙන් සිටිය යුතු බව ඔහු විරෝධය පළකරමින් කීය.

Leave a Reply