ජනජිවිතයේ ගැටලු විසදා ගැනීම වෙනුවෙන් කළ ඉල්ලීම් කිසිවකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා වෛද්‍ය සායනයක් සදහා සහභාගිවන්නට එක්සත් ජනපද තානාපතිවරයා යාපානයට පැමිණීම පිලිබද විස්මයට පත්වන බවෙ තානාපතිවරයා ඉදිරියේ පවසන්නට උතුරේ දේශපාලඥයකු ඉදිරිපත්ව තිබේ.
උතුරු පළාත් සහාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කේ. සිවඥානම් මෙසේ අප්‍රසාදය හා විරෝධය ප්‍රකාශ කර ඇත්තේ ගුවන් හමුදාව හා එක්සත් ජනපද හමුදාව ඒකාබද්ධව යාපනයේ පැවැත්වූ වෛද්‍ය සායනයක් අවස්ථාවේ සභාව අමතමිනි. යාපනයට තානාපතිවරයාගේ පැමිණීමෙන් කිසිදු විශේෂ දෙයක් සිදු නොවූ බවත් උතුරේ ජිවත්වන ලක්ෂ ගණනක් ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා තමන් ඉල්ලා සිටි කිසිවක් පිළිබද ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැති බවත් සිවඥානම් ප්‍රකාශ කලේය.
ඇමරිකානු ආධාර යටතේ යාපනය ඉඩෙයිකාඩු ප්‍රදේශයේ ආරම්භ කළ වෛද්‍ය සායනයක් බැලීම සඳහා සහභාගී වූ එක්සත් ජනපද තානාපතිවරයා මෙහිදී අදහස් දක්වමින් ලංකාවේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සහ සමාජීය කටයුතු සදහා තවදුරටත් ආධාර කිරීමට ඇමරිකාව සූදානම් බව පවසා ඇත.